හමුදාවට ඇත්තේ 0. 05 ක් වැනි ඉතා සොච්චම් බිම් ප්‍රමාණයක්
යුද සමයේ පවරාගත් තවත් අක්කර 100කට වැඩි යාපනය අර්ධද්වීපයේ ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත නැවත ලබා දීම 2024 මාර්තු 10 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යිලයේ දී සිදුකෙරිණ. යුද්ධ හමුදාව විසින් භාවිතා කරන ලද ඉඩම් සාමාන්‍ය ජනතාවගේ භාවිතාව සදහා නිදහස් කළ 24 වැනි අවස්ථාව මෙයයි.
ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් කටටි පහක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් කට්ටි හතක් ඇතුළුව අක්කර 109.56ක් ඒවාහි මුල් අයිතිකරුවන්හට ආපසු ලබා දෙන ලදී.
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ මගපෙන්වීම සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික්ක දෙකෙහිම දිසාපතිවරු මෙන්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
