උදේ ගමන් ඇරඹිණා
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර – මහව අතර කොටසේ දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ වේ. ඒ, මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හමාර කිරීමෙනි.
දහමසකට පසුව ය,  යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කෙරෙන්නේ.
පළමු දුම්රිය කොළඹ - කොටුව සිට කන්කසන්තුරය දක්වා  අද අලුයම 5. 45 ට ගමන් ආරම්භ කළ බව දුම්රිය පාලනාධිකාරිය කියයි.
 
            