විදෙස්

යුද්ධයෙන් පසු ගාසා තීරයට සිදුවන දේ ඊශ්‍රායලය කියයි

මාස් සංවිධානය පරාජය කිරීමෙන් පසු, ගාසා තීරයේ අනාගතය කුමක් වේවිදැයි යන්න සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය.

යෝව් ගැලන්ට්, මාධ්‍ය හමුව කැඳවා තිබුණේ, ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සමඟ ද යුද්ධය අවසන් වීමෙන් පසු ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

‘ඊශ්‍රායලයට ඇත්තේ අරමුණු දෙකක් පපමණයි. හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරගැනීම සහ හමාස් සංවිධානය අඩපණ කිරීම. යුද්ධය අවසන් වෙන්නේ එවිටයි. එය අද හෙට සිදුවන දෙයක් නොවෙයි. ඒත් යුද්ධය අවසන් වේවි.’ යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

ගාසා තීරය පලස්තීන පාලන ප්‍රදේශයකි. යුද්ධය අවසන් වීමෙන් පසු  ගාසා තීරය සම්පූර්ණයෙන්ම පලස්තීන පාලන ප්‍රදේශයක් නොවනු ඇතැයි ද යෝව් ගැලන්ට් පැහැදිලි කර තිබේ. යුද්ධයෙන් පසු ගාසා තීරයේ කිසිදු ඊශ්‍රායල ජාතිකයකු රැඳී නොසිටිනු ඇති බවත්, ගාසා තීරය පාලනය යළි හමාස් සංවිධානය අතට පත් වීමට ඉඩ නොදෙන බවත, වෙනත් පාර්ශ්වයක් ගාසා තීරයේ බලය අතට ගනු ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)