උණුසුම් පුවත්

යුද්ධ හමුදා නව මාධ්‍ය ප්‍රකාශකමේජර් ජෙනරල් කේ. ඒ. එන් රසික කුමාර

නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත් කෙරේ

 

යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මාධ්‍ය  ප්‍රකාශක ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර මහතා එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ දී ඊයේ (09)  රාජකාරි ඇරඹුවේ ය.

මීට ප්‍රථම එම ධූරයේ දැරූ මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් (යූඑස්පී එන්ඩීසී පීඑස්සී) මහතා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති වශයෙන් රාජකාරි සිදුකරනු ලබයි.

මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ආගමික චාරිත්‍ර සිදු කිරීමෙන් අනතුරුව  නිල ලේඛනයකට අත්සන් තබා නව ධූරයේ රාජකාරි ඇරඹී ය. අනතුරුව සම්ප්‍රදායානුකූලව හේ නිලධාරීන් සහ සෙසුනිලයන් අමතන ලද්දේ ය.

නව මාධ්‍ය පුකාශක රසික කුමාර මහතා රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.ඔහු තෙල්දෙණිය පුදේශයේ ජන්මලාභියෙකි. වර්ෂ 1990 දී යුද්ධ හමුදාවට බැඳුණු නව මාධ්‍ය ප්‍රකාශකවරයා වර්ෂ 1991 දී පාකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්විිිණි.

යුද්ධ හමුදා දිවිය තුළ ඛණ්ඩ භාර නිලධාරී පාඨමාලාව, නිලධාරී විශිෂ්ඨතා පාඨමාලාව, ඒකක බුද්ධි නිලධාරී පාඨමාලාව, ක්ෂේත්‍ර ඉංජිනේරු පාඨමාලා අදියර III, ඒකක ගිණුම් පාඨමාලාව, ඒකක පරිපාලන නිලධාරීන්ගේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව (ජාතික ආරක්‍ෂාව හා උපාය මාර්ගික අධ්‍යයන), තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, සංග්‍රාමික ඉංජිනේරු උපදේශක පාඨමාලාව - ඉන්දියාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව - චීනය සහ බිම්බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉංජිනේරු පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇති බෝ දක්ෂතා ඇත්තෙකි.

හමුදා දිවිය තුළදී ඛණ්ඩ භාර නිලධාරී, බුද්ධි නිලධාරි, විධායක අධිකාරී, ඉංජිනේරු බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී III, අධි සහායක, නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී III, ආරක්‍ෂක සේනා මූලස්ථානය -  යාපනය මාණ්ඩලික නිලධාරී II, 511 පාබල බලසේනාවේ බලසේනා මේජර්, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I යන තනතුරු හොබවා ඇත.

එසේම, රසික කුමාර මේජර් ජෙනරාල්වරයා න යුද සේවා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I, 5 සහ 6 ඉංජිනේරු බලකායන්හි අණදෙන නිලධාරී, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 22 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා සහකාර, 213 පාබල බලසේනාවේ බලසේනාධිපති, මානව හිමිකම්  සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

උත්සව අවස්ථාව සඳහා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.

එසේම, යුද සේවා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I, 5 සහ 6 ඉංජිනේරු බලකායන්හි අණදෙන නිලධාරී, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 22 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා සහකාර, 213 පාබල බලසේනාවේ බලසේනාධිපති, මානව හිමිකම්  සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වැනි ධූරයන් රැසක් දැරී ය.

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන්, නව පදවියේ රසික කුමාර මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වූහ.