ගල්මුල්වලට පිළිතුරු දීම උදෙසා පැවැත්වෙන ජනමාධ්‍ය හමුවේ දී ඔ්නෑම ප්‍රශ්නයකට පිළිතුරු බඳින බව කියයි
ජනාධිපතිවවරණය නොපවත්වා පාර්ලිමේන්තුවේත් කාලය තවත් හවුරුදු දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් කළ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාට හතර වටින් ම ගල්මුල් එල්ල වීමත් එක්ක ඒ සියල්ලට තමා ලබන සඳුදා පුවත්පත් සාකච්ඡාවකින් පිළිතරු දෙන වග ඔහු අද හවස පැවසී ය.
ඒ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ඉතා කෙටි මාධ්‍ය හමුවක දී ය. මේ මාධ්‍ය හමුව ඔහු විසින් පවත්වන ලද්දේ සඳුදා පැවත්වෙන මාධ්‍ය සාකච්ඡාවක ගැන දැනුම් දීමට යි. ඔහු කලින් කළ යෝජනාව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු හෙයින් ඒ සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීමට ද හේ කලින් දිනෙක සිරිකොත හි පැවති ජනමාධ්‍ය හමුවේ දී සඳහන් කළේ ය.