විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි
දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රියාවලිය ප්‍රජාව කේන්ද්‍ර කර ගෙන ප්‍රජා නායකත්වයෙන් එම ක්‍රියාවලිය සාර්ථක ඉලක්ක කරා ගෙන යාමේ ‘ග්‍රාමීන් බැංකු සංකල්පය’ නිර්මාණය කරන ලද්දේ බංගලාදේශයේ මොහොමඩ් යූනුස් මහතා බවත් එම සංකල්පය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා මේ රටේ සවිබල නොගැන්වුණු ජන කොට්ඨාසවලට මූල්‍ය සම්පත් සඳහා පහසු ප්‍රවේශය මෙන්ම මූල්‍ය සම්පත් අඩු පිරිවැයකින් ලබා ගැනීම කේන්ද්‍ර ගත වී ක්ෂුද්‍ර මූල්‍ය බැංකු සංකල්පය ක්‍රියාත්මක වූ බවත් විපක්ෂ නායකවරයා පවස යි .
අපේ රටේ ජනසවිය දුප්පත්කම තුරන් කිරීමෙ ක්‍රියාවලිය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහා දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළ ඉතාම ශක්තිසම්පන්නව ප්‍රජා මූල සංවිධාන ක්‍රියාත්මක වී පැතිකඩ ගණනාවකින් ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරීමත් සමඟ අති සාර්ථකව මෙම වැඩසටහන් පවතිද්දී යම් යම් ව්‍යාපාර ආයතන එම ආකෘතිය තම ව්‍යාපාර ආකෘතිවලට යොදා ගෙන දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතියක් නොව ගිනිපොලී ණය අය කර ගැනීමේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අරමුදලක් නිර්මාණය කළ බවත් ඒ තුළින් කාන්තා කේන්ද්‍රීය පවුල් රැසක් අගතියට පත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යහපාලන රජයේ එවක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මංගල සමරවීර මුදල් ඇමතිවරයා ක්ෂුද්‍ර මූල්‍ය ණය නොගෙනවන ලෙසට ප්‍රසිද්ධියේ කියා සිටියත් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවු අතර එම ප්‍රකාශය නිසා ණය නොගෙවපු ජනතාව අද වන විට බරපතල ගැටලු රැසකට මුහුණ දී ඇති හෙයින් එම ණය ලබා දුන් ව්‍යාපාරික ආයතන ණය ලබා ගත් පුද්ගලයන් පසුපස ලුහු බදිමින් ජනතාව අධිකරණය හමුවට ගෙන යාම පවා සිදුවන්නේ යයි හෙතෙම සඳහන් කළේ ය .
මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරි පනත ප්‍රකාශයට පත් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ අවදානය යොමු වීමෙන් පසු එහි යෝජනා සමඟ පාර්ලිමේන්තුවේ ක්‍රියාවලියට ගනු ලැබුවත් එම පනතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආකෘතිය උපයෝගී කර ගෙන පොදු ජනතාවගෙන් ගිනිපොලි මූල්‍ය ගසාකෑම් ක්‍රියාත්මක කරන මහාපරිමාණ ව්‍යාපාර නියාමන කිරිමක් සිදු නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ය.
එහෙත් දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රියාවලියට ශක්තියක් ලබා දුන් ප්‍රජාමූල්‍ය ආයතන නියාමනය කිරීමට කටයුතු කරන බවත් මෙය සුපුරුදු පරිදි රජය ඒක පාර්ශ්වීය වීමක් බැවින් ක්ෂුද්‍ර මූල්‍ය ණය අරමුදලට හසු වී ඇති පුද්ගලයන් ආරක්ෂා කර මෙය ගිණි පොලී ණය උගුලක් බවට පත් කර ඇති ආයතන නියාමනය කළ හැකි ශක්තිමත් පදනමක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේදී ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත සහ ප්‍රජා මූල්‍ය මූල්‍ය සේවා සංවිධාන එකමුතුව සමඟ පැවැති සාකච්ඡාවකදී මේ බව කීවේ ය.