රජය විදුලි බිල අඩු කරන්නේ නැත්නම් අධිකරණයෙන් ඉටු කර ගන්නවා - සජිත් පාර්මේන්තුවේ දී
අනීතිකව සහ අසාධාරව විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවට යොමුකළේ යැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (09) පැවසී ය.
එයට හේතුව වූයේ ඇස්තමේන්තුගත ජල විදුලි ජනනය එම ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදනය කිරීම (ගිගාවොට් පැය 3750 සිට 4510 දක්වා වැඩි වීම) සහ විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩුවීම සහ ගල්අගුරු බලාගාර අක්‍රීය වීම නිසා බිලියන 26 ක් සහ 18% ක විදුලි බිල නැංවීම තුළ තවත් බිලියන 26 ක් ඇතුළු බිලියන 52ක් ලාභ ලැබීමට බවත් මේ නිසා රජය වහාම විදුලි බිල අඩු කළ යුතු බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කී ය .
මේ පෙත්සම හරහා රජයට පෙළඹීමක් සිදු කර රජය එය නොකරන්නේ නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහා මෙම ලාභය, විදුලි පාරිභෝගිකයන්ට ලබා දිය යුතු බව ද පැවසූ විපක්ෂ නායකවරයා මේ වන විට ලක්ෂ 8 කගේ විදුලිය විසන්ධි කර ඇති බව ද අවධාරණය කළේ ය.
බිලියන 52 ක් ලාභ ලබා ඇති මොහොතක, එම වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබා දිය යුතු යැ යි මහජන උපයෝගිතා කොමිසම පවා කියා ඇතැ යි ද සඳහන් කළේ ය. විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට කිසිදු සැලැස්මක් නොමැති නිසා බව කී ප්‍රේමදාස මහතා මේ සියල්ල මාධ්‍ය සංදර්ශන නොවන බව ද සඳහන් කළේ ය.
