සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් දැනුවත් කරමින් සජිත් කියයි
සෞභාග්‍ය සම්පන්න රටක් ගොඩ නැගෙන්න නම් නිවැරදි ප්‍රතිපත්තීන් නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා පහළින් ඉහළට ගලා යන ජනතා අදහස්, යෝජනා, චින්තන, දර්ශන මුදුන් පත් කර ගත් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයකට ප්‍රවේශ විය යුතු බවත් ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම යන අංශ ගණනාවක් තුළින් යහපත් දේශයක් උදෙසා කාර්යභාරය ඉටු කිරීම විධිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සඳහා සක්‍රීය දායකත්වය, කැපවීම, වගකීමෙන් දත්ත තොරතුරු සහිත කරුණු කාරණා හා යෝජනා අවශ්‍ය බවත් එය ජනතා පිළිගැනීම හා විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි බවත් ව්‍යාජ තොරතුරු දත්ත මත දේශපාලනීකරණය ලක් වූ වැඩපිළිවෙළක් නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් සෑම මසක ම පාර්ලිමේන්තුව දින 4 ක් රැස්වන බවත් එම දින 4 විවාදයට ගන්නා කරුණු කාරණාවලට සක්‍රීය දායකත්වය, සහභාගීත්වය අවශ්‍ය බවත් එහි දී ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය වඩාත් ශක්තිමත් කර සහභාගීත්ව ප්‍රතිපත්ති සම්පාදනයේ පෙරමගකරුවන් බවට පත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි අයවැය විවාද සතියේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් දැනුවත් කරමිනි
දත්ත හා තොරතුරු මත පදනම්ව සියලු තර්කයන් ඉදිරිපත් කරන ලෙසත් ආණ්ඩුව කරන කියන දේවල් තර්කානුකූලව විග්‍රහ කළ යුතු බවත් ජනතාව වෙනුවෙන් දැවැන්ත හඬක් නැඟිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජ්‍ය අංශයේ වැඩකරන ජනතාව මෙන්ම පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ හඬ ද නියෝජනය විය යුතු බවයි.
සහභාගීත්ව ක්‍රියාවලිය තුළින් වඩාත් යහපත් යෝජනා හා අදහස් ඉදිරිපත් කර රටට සෞභාග්‍ය උදාකරලීම සඳහා විපක්ෂයෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.