උණුසුම් පුවත්කාලීනසංස්කෘතික

රණවිරුවන් දිවි පිදුවේ මාතෘභූමියේ සාමය වෙනුවෙන් – මහින්ද රාජපක්ෂ

මහින්ද රණවිරුවන්ට උපහාර දක්වයි

අපගේ මාතෘ භූමියේ සැබෑ නිදහස සමස්ත ජනතාව වෙත ලබා දුන් වීරෝදාර රණවිරුවන් සදා අමරණීය බව පස්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස දී ය.  

ජීවිත පරිත්‍යාග කරමින් මව්බිමේ ආරක්ෂාව තහවුරු කරන්නට ඇප කැප වූ අපේ රණවිරුවන්ට ගෞරව දැක්වීම ජාතියේ යුතුකමක් බවත් ඒ යුතුකමේ දායාදය අනාගත දරු පරපුරටත් අපගේ තරුණ පරම්පරාවටත් උරුම කළ යුතු බවට විශ්වාස කරනා බව රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 16 වැනි විජයග්‍රහණයේ සැමරුම වෙනුවෙන් ඊයේ (20) ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති උපහාර  දැක්වීමේ අවස්ථාවේ දී ය. 

''අපි  යුද්ධ කළේ සාමය වෙනුවෙන්. කාවවත් අල්ලගන්න නෙමෙයි. අපි යුද්ධ කළේ රට බේරගන්න. ඉදිරියට මේවා කරයිද? නැද්ද කියන්න බෑ. ඉදිරියේදී රණවිරු සැමරුම පවත්වනවාද නැද්ද කියන එක ආණ්ඩුවයි තීරණය කරන්න ඕන.

යුද්ධය කියන්නේ ඛේදවාචකයක්. නමුත් යුද්ධයේදී එක පාර්ශ්වයක් ජයග්‍රහණය කරන්න ඕනේ. අපේ හමුදාව ජයග්‍රහණය කළා. ජාතික ආරක්ෂාව ඉතින් ප්‍රශ්නයක් නෑනෙ

එවකට සේනාධිනායක, ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  ජාතික රණවිරු ස්මාරකය ඉදිරිපිට අභීත රණවිරුවන් වෙත ගෞරව දැක්වීම සිදු කෙරුණි. 

 ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඊට සහභාගී විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා -

අතිගරු ජනාධිපතිතුමා අමාරුවෙන් රණවිරුවන්ට උපහාර දක්වන්න ඇවිල්ලා සාමාන්‍ය සෙබළෙකුගේ ගාණට හෑල්ලු කළා. මට නම් හිතාගන්න බෑ තිස් අවුරුදු යුද්ධයත් අවසන් කරලා ලබාගත් නිදහස හා සාමය වර්ෂාපතනය නිසා ස්වභාවධර්මය නිසා ඇතිවන නායයෑමකට සමාන වෙන්නේ කොහොමද කියලා. එක්කෝ කතා දෙක පටළවගෙන. නැතිනම් පැටළිලා තිබෙන්නේ කාටද කියන එක තමයි ප්‍රශ්නය. එහෙත් අපි මේ රටේ රණවිරුවන්ට දිය යුතු ගෞරවය ලබා දෙනවා. එම ගෞරවය දෙන්න අපි රණවිරු දිනය එනකම් ඉන්නේ නෑ. අපි සෑමදාම එම ගෞරවය දුන්නා.

අතිගරු ජනාධිපතිතුමා සහ එම පක්‍ෂය මේ රටේ යුද්ධයක් තිබුණේ නෑ ත්‍රස්තවාදයක් තිබුණෙ නෑ කියලා සිතුවට ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය තිබුණේ අපගේ රටේ. එම ත්‍රස්තවාදය ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී නොවෙයි. නමුත් එතුමාට පුළුවන් වුණා එතුමාගේ පාලන කාලයේදී එම ත්‍රස්තවාදය සහ යුද්ධය අවසන් කරන්න. එම යුද්ධයට මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දීපු පලියට මේ රටේ රණවිරුවන්ට ශාප කරලා හරියන්නේ නෑ. බටලන්ද වාර්තාව බැලුවහම පෙනෙනවා එල්.ටී.ටී.ඊ. සංවිධානය හරුණු විට රණවිරුවන්ට වැඩියෙන්ම හානි කරලා තිබෙන්නේ කවුද කියන එක. අපි විශ්වාස කරනවා මේ රටේ රණවිරුවන්ට නිසි ගෞරවය ලබා දෙන්න කියලා. එම ගෞරවය අපගේ මුණුබුරන්ගේ කාලයේදිත් ලබාදිය යුතුයි. මේ නිදහස සැමරිය යුතුයි. අදටත් ලෝකයේ බොහෝ රටවල් දෙවැනි ලෝක යුද්ධයේ ජයග්‍රහණය සමරනවා. ඇයි අපට අපගේ රණවිරුවන් සමරන්න බැරි. ඇයි අපි එය හෑල්ලුවක් විධියට දකින්නේ. කොටි ත්‍රස්තවාදීන් සමහර රටවල්වලදී වීරයෙක් විධියට සමරනකොට අපේ රණවිරුවන් පහත් කොට සලකන්න

අපේ ආණ්ඩුව කටයුතු කළා නම් මේ රට ගමන් කරන මාවත පිළිබඳව අපට අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නෑ. ජනාධිපතිවරයා රණවිරු සැමරුමට සහභාගී නොවන බව පවසා යළි සහභාගී වීම පිළිබඳවත් ජනාධිපතිවරයා රණවිරු සමරුවට සහභාගි නොවන බව ප්‍රකාශ නොකළ බවටත් ආණ්ඩු පාර්ශ්වයෙන් කරන ප්‍රකාශයන් පිළිබඳව මාධ්‍යවේදීන් එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ආණ්ඩුව බොරු කියන බවයි. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ආණ්ඩුවේ ලොකුම ප්‍රශ්නය තමන්ගේ ස්ථාවරය සඟවා කටයුතු කිරීම බවයි.

හිටපු ඇමැති (විශ්‍රාමික) රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇතුළු විශාල පිරිසක් ද ඊට එක්වූහ.