උණුසුම් පුවත්දේශපාලන

රතන හාමුදුරුවන්, දොස්තර රාජිත, නිමල් ලංසා රක්ෂිත බන්ධනාගර ගත කෙරේ

රාජිත 09 වනදා තෙක්, රතන හිමි හා ලංසා 12 දක්වා

 භික්ෂූන් වහන්සේ නමක්  පැහැර ගැනීමේ  චෝදනාවකට අදාඝ නඩුවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

අල්ලස් නඩුවකට අදාළව දොස්තර රාජිත සේනාරත්න මහතා සැප්තැම්බර් 09 දක්වා රිමාන්ඩ් භාරයට පත් විය. 

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමතිවරයකු වන නිමල් ලංසා මහතා ද කොච්චිකඩේ පොලිසියට පැමිණ බාර වීමෙන් පසු  අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2006 වසරේ උද්ඝෝෂණයක් අතරතුර පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළවය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.