ගංවතුරෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්වූවන් උදෙසා යි
ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමට ශ්‍ර්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය පියවර ගෙන තිබේ.
එමඟින් පිසින ලද ආහාර , වියළි ආහාර , අත්‍යාවශ්‍ය ඔඖෂධ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට පියවර ගෙන තිබේ .
මෙම සහන සේවා මධ්‍යස්ථාන ලෙස උඩුගම මධ්‍යම ශ්‍රී දක්ෂිණාරාම විහාරස්ථාන ය, ගිනිමැල්ලගහ ශ්‍රී සුදර්ශනාරාමය,නාගොඩ ශ්‍රී විජිතාරාමය,කහදූව ශ්‍රී සුමනාරාමය යන විහාරස්ථාන යොදාගෙන තිබේ.
හැකි අයට ඉහත ද්‍රව්‍ය එම මධ්‍යස්ථාන වෙත ලබාදීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය ඉල්ලීමක් කරයි.
- ලාල් ගොඩගේ -