උණුසුම් පුවත්දේශපාලන

රනිල්ගෙන් පළි ගැනීම දෙමළ ජනයා හෙළා දකිනවා

මනෝ ගනේෂන්

රනිල්ට එරෙහිව කරනා පළිගැනීම් ක්‍රියා  දෙමළ ජනතාව ලෙස හෙළා දකින්නේ යැ යි දෙමළ ප්‍රගතිශීලි සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුව අමතමින් පැවසීය.

සිකුරාදා දවස බලලා උසාවියට දමලා එතැන ලයිට් නිවල දාලා සෙල්ලම් කරන්න එපා යැ යි මිත්‍ර අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන් ඉල්ලා සිටින්නේ යැ යි ද ගනේෂන් මහතා වැඩිදුරටත් කී ය.

පක්ෂ භේදවලින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්නට ඒකරාශී විය යුතු යි. මේක සියයට සියයක් ම දේශපාලන පළිගැනීමක්" එම රැස්වීමේ දී හේ සඳහන් කළේ ය