දේශපාලනඥයින් සෑහෙන පිරිසක් හා මහජනයා ද උසාවි භූමියට රොක්වෙති
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම විභාග කෙරෙමින් පවතිද්දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ විදුලිය අණ හිටීමක් නිසා නීති කෘතිය පිරික්සුම තාවකාලකව අත් හිටවීමට මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය පියවර ගත්තා ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කර ගන්නට අද (22) හිටපු ජනාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවට කැඳවන ලදුව ඔහුගෙන් පැය හතරක තරම් කාලයක් කටඋත්තර ලබා ගැනීමෙන් අනතුරුව පස්වරු 1. 00 න් පසුව හේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලදි.
හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා 2023 වසරේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති ජාත්‍යන්තර සම්මේලනයකට සහභාගි වී එමින් ගමන එංගලන්තයේ විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රදානෝත්සවයකට එක්ව ඇත්තේ පෞද්ගලික කටයුත්තක් සේ බවට චෝදනා නඟා මෙලෙස අත්අඩංගුවට ගැනීම කර ඇත.
එම උපාධි ප්‍රදානෝත්සවයේ දී වික්‍රමසිංහ බිරිය මෙත්‍රී වික්‍රමසිංහ මහත්මියට ආචාර්ය උපාධියක් පිරිනමා ඇත්තේ එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙනි. ඒ සඳහා එක්වන සේ වික්‍රමසිංහ මහතාට ද විශ්ව විද්‍යාල පරිපාලනය විසින් ඇරයුම් කර තිබුණි.
හිටපු ජනාධිපිතවරයා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද ජනපති පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කර ගනු ලැබිණි. ඒ ඔවුන් දෙදෙනා හා ජනාධිපති ආරක්ෂක නිලධාරීන් 10 කු ද මේ ගමනට කසහභාගි වී ඇති හෙයිනි.
වික්‍රමසිංහ මහතා අධිකරණයට ගෙන ඒමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා හිටපු මැති ඇමතිවරුන් කොටුව මහේස්ත්‍රාත් පරිශ්‍රයට ඔහුට හිතවත් බොහෝ පිරිසක් ද රොක් ව සිටිනු දක්නට ලැබිණි