උණුසුම් පුවත්දේශපාලන

රනිල්ට දඬුවම් කිරීම ආණ්ඩුවේ ලොකුම පචයයි

ආණ්ඩුවට මාස හයයි. ප්‍රගතිය බිංදුවට පොඩ්ඩක් උඩින් - උදය ගම්මන්පිල

මේ ආණ්ඩුව බලයට ආවේ වසර පහකට.  අනිද්දාට ඒකෙන් මාස හයක් මැතිවරණය පවත්වලා නම් අදට මාස හයයි. ඒ කියන්නේ ආණඩුවේ සමස්ත කාලයෙන්  10%ක් ඉවරයි.  මේ වන විට දුන් පොරොන්දු වලින් 10%ක් කෙසේ වෙතත් අඩුම ගණනේ 5%ක්වත් ඉටු කරලා තිබෙන්න ඕනි.  අඩුම ගණනේ තමන් දුන් පොරොන්දු වලින් ඉතාම කෙටි කාලයකින් බලයට පැමිණි වහාම   කරනවා කියූ දේවල් ටිකවත් කරලා තිබෙන්න ඕනි.

ආණ්ඩුව නම් කියන්නේ බැඳලා හනිමූන් ගියා විතරයි.  ඒ නිසා බබාලා නැද්ද කියලා දැන්ම අහන්න එපා කියලා.  නමුත් අපි ආණ්ඩුවේ ප්‍රගතිය ඉල්ලන්නේ අපි දාපු ඉලක්ක එක්ක නොවේ.  ආණ්ඩුව කිව්ව ඉලක්ක එක්ක.  අපට අගමැති තනතුරත් එක්ක කැබිනට් එකම දුන්නොත් මාස හයෙන් රට ගොඩ දානවා කියලා 2022 ජූනි 22 දා කිව්වේ අපි ද? නැතිනම් අනුර කුමාර ජනාධිපතිතුමා දඒ කතාව විශ්වාස කරලා ජනාධිපතිට අගමැති ඇතුළු කැබිනට් එක විතරක් නොවේ, තවත් කෙඳිරි ගාන්න බැරි වෙන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකුත් දුන්නා.  දැන් මාස හය ඉවරයිනෙ.  කෝ රට ගොඩ දාලා නම් නෑ

ඒ වගේම ඉතා කෙටි කාලයකින් විදුලි බිල 1/3කින් අඩු කරනවා කිව්වේ අපි ද? නැතිනම් ජනාධිපතිතුමා දපළමු අයවැයෙන්ම ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍යය මත තිබෙන සියළු බදු ඉවත් කරනවා  කිව්වේ අපි ද ජනාධිපතිතුමා ද? ඒක කියලා එතැනින් නතර වෙන්නේ නැතිව මැතිවරණ ප්‍රකාශනයටත් ඇතුළත් කළා.  ඒ විතරක් නොවේ. රැකියා විරහිත උපාධිධාරින් 35,000කට කඩිනමින් රජයේ රැකියා ලබා දෙනවා කිව්වේ අපි ද? නැතිනම් ජනාධිපතිතුමා ද?   ඒකත් ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාපු පොරොන්දුවක්.

එක පෑන් පාරෙන් සහල් මාෆියාව අවසන් කරනවා කිව්වේ අපි ද සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා දබලයට පැමිණි වහාම පෙට්‍රල් සහ ඩීසල් මිල රු150 ට ලබා දෙනවා කිව්වේ අපි ද සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා දනවසීලන්තයේ ගිහින් සියළු ෆයිල් සූදානම්. බලයට පැමිණි පළමු මාසය තුල පමණක් 60 ක් 65ක් විතර අත්අඩංගුවට ගන්නවා කියලා නවසීලන්තයේදී කිව්වේ අපි ද නැතිනම් වසන්ත සමරසිංහ ඇමතිතුමා ද?

පළමු ඇමති මණ්ඩල රැස්වීමේ දී ම හිටපු ජනපති සහ මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියලා වැලිගේපොල දී කිව්වේ අපි ද නැතිනම් සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා දපළමු ඇමති මණ්ඩල රැස්වීමේ දී හිටපු ජනපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස පහසුකම අහෝසි කර ඒ අය ඔවුන්ගේ දරවන්ට බාර දෙනවා කිව්වේ අපි ද නැතිනම් සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා දපෝය දෙකෙන් පාතාලය නැති කරනවා බවට පෙරොන්දු දුන්නේ අපිද ජාතික ආරක්ෂාව බාර  අරුණ ජයසේකර ඇමතිතුමා කියලා අපි මතක් කරන්න කැමතියි

දැන් මේ අපි ඉදිරිපත් කළේ පළමු මාස හය තුල කළ යුතු ඒත් කඩවුණු පොරොන්දු බවට පත් වුණු පොරොන්දු  දහයක් විතරයි.  මාස හයට මෙසේ නම් අවුරුදු පහට කෙසේද කියන එක පහේ ශිෂ්‍යත්වය සමත් ඕනෑම දරුවෙකුට වුණත් උත්තරේ හදා ගන්න පුළුවන් ගැටළුවක් බවයි මේ පුංචි ඡන්ද දායකයින්ට අපි මතක් කරන්නේ

බටලන්ද වාර්තාව ආණ්ඩුවේ තවත් නාටකයක්

වාර්තාව ආණ්ඩුව පිළිගත්තා නම් ජවිපෙ භීෂකයින්ට දඬුවම් දෙනවා ද?

පසුගිය සිකුරාදා සභානායක බිමල් රත්නායක මැතිතුමා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළා.  ආණ්ඩුව කියන විධියට මේ වාර්තාව සභාගත කලේ ඇමති මණ්ඩල තීරණයක් අනුව.  ඒ කියන්නේ ඇමති මණඩලය තීරණය කරා කියන්නේම මේ වාර්තාව ආණ්ඩුව පිලි අරගෙන තිබෙනවා කියන ඒකයි.  මේ වාර්තාවේ තුන්වන පරිච්ඡේදය වෙන් කරලා තිබෙන්නේ ජවිපෙ භීෂණය ගැන කියන්න.  ඒ පරිච්ඡේදයට   අනුව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් විතරක් 1960ක්  ජවිපේ ත්‍රස්තවාදයෙන් මරා දැමනවාමෙන්ම පොලිසියේ හමුදාවේ සාමාජිකයින්  පමණක් නොව  පොලිසියේ සහ හමුදාවේ අයගේ පවුල් වල අය මරා දැමීම  ගැන චෝදනාව එල්ල වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි.  මිනීමැරීම් කවුරු කළත් ඒක වැරදියි.  එජාපයේ රාජ්‍ය ත්‍රස්තවාදයත් වැරදියි.  ඒ වගේම ජවිපෙ ත්‍රස්තවාදයත් වැරදියි.  දැන් ආණ්ඩුව මේ වාර්තාව පිලිඅරගෙන තිබෙන නිසා මේ වාර්තාවේ ජවිපෙ කළ මිනීමැරීම් සම්බන්ධයෙන් ගන්නා තීන්දුව මොකක්ද කියන එකත් රටට කිව යුතුයි.

බටලන්ද වාර්තාව ප්‍රසිද්ධ කළේ 2000 දී. සභාගත කළේ 2001 දී

චන්ද්‍රිකා ජනාධිපතිතුමිය බටලන්ද  වාර්තාව යට ගැහුව්වා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ  නෑ.  ඒක ඩීල් එකක් යනාදි වශයෙන් මාලිමා මන්ත්‍රිවරුන් කතා කරනවා.   මේ කතා ඇහුව්වාම අපට පේන්නේ මේ අය මේ වාර්තාව අධ්‍යනය කරනවා තබා ඇස් දෙකටවත් දැකලා නැති බවයි.චන්ද්‍රිකා මැතිණිය යට ගහපු බටලන්ද වාර්තාව ඔන්න අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා කියලා මාලිමා නායකයින් පුරසාරම් කිව්වාට එතුමිය බටලන්ද වාර්තාව යට ගැහුව්වේ නෑ.  2000 මාර්තු මාසයේ දී රජයේ ප්‍රකාශන කාර්යාංශය විසින් බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මුද්‍රණය කර ප්‍රසිද්ධ කළා.  ඒක දැන් අන්තර්ජාලයේ සිංහල භාෂාව දෙමළ භාෂාව හා ඉංග්‍රීසි භාෂව යන භාෂා තුනේනම  තිබෙනවා.  ඒ විතරක් නොවේ.  ආණ්ඩුව වෙනුවෙන් ඒවකට ආණඩුවේ ජේෂ්ඨතම අමාත්‍යවරයා වු  විජයපාල මෙන්ඩිස් ඇමතිතුමා 2001 මාර්තු 29 දින පාර්ලිමේන්තුවේ සභාගත කළා.  ඒයෙම නෑයි කියලා හිතාගෙන බොරු කියන  මාලිමා ආණඩුවේ නායකයින් 2001 මාර්තු මස 21 වන දින    හැන්සාඩ් වාර්තාවේ 1581 පිටුව බලන්න එවිට වාර්තාව සභාගත කරාය නියන සාක්ෂිය ඔබට හමුවෙයි

රනිල්ට දඬුවම් කිරීම ආණ්ඩුවේ ලොකුම පචයයි

මේ මාලිමාවේ නායකයින්  කියන කතාවක් තමා අපි බටලන්ද මිය ගිය ජනතාවට යුක්තිය ඉටු කරනවා.  රනිල්ට දඬුවම් කරනවා.  රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කරනවා වගේ ලොකු පුරසාරම් දොඩනවා අපි මේ දවස් වල දකිනවා මේ වගේ ලොකු පොරොන්දු මාලිමා නායකයින් දුන්නාට මේ කොමිෂන් සභා වාර්තාව පුස්සක්.  මේකෙන් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නවත් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නවත් කිසිම පදනමක් සපයලා නෑ .ඇයි අපි ඒහෙම කියන්නේ   1948 විමර්ශන කොමිෂන් සභා පනතින් පිහිටුවන කොමිෂන් සභා වලට පුළුවන් යම්කිසි කාරණයක් ගැන තොරතුරු සොයලා තමන්ගේ නිර්දේශ සමග වාර්තා කිරීමයි .  යම් කිසි පුද්ගලයෙකු වැරදිකරුවෙකුද නිවැරදිකරුවකුද කියලා තීරණය කිරීමේ අධිකරණ බලයක් නෑ   දඬුවම් නිර්දේශ කරන්න මේ පනතින් පිහිටුවන කොමිෂන් සභා වලට බෑ. පාස්කු කොමිසම විමර්ශන කොමිසමකට මෑතනාලීය තියෙන හොඳම  උදාහරණයක්.

 1977 විශේෂ ජනාධිපති පරීක්ෂන  කොමිෂන් සභා නීතිය යටතේ පිහිටුවන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වලට අධිකරණ බලයක් තිබෙනවා.  එහි සාමාජිකයින් විය හැක්කේ විනිසුරන්ට පමණයි.  ඒ කොමිෂන් සභා වලට යම් අයෙකු වැරදිකරුද නිවැරදි කරුද තීරණය  කරලා ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරන්න පුළුවන්.  ඒ් පනත යටතේ මෙතෙක්  පිහිටුවලා ඇත්තේ ඒකම ඒක කොමිෂන් සභාවක් විතරයි. ඒ් තමයි  හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ මැතිණියගේත් හිටපු අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගේ  ප්‍රජා අයිතිය අහිමි කරන්න 1980 පිහිටවපු  කොමිෂන් සභාව විතරයි.  ඒ පිළිබඳ ඇති වුණු විවේචන නිසා මේ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නැවත පිහිටුවූයේ නෑ.

බටලන්ද කොමිසම විමර්ශන කොමිසමක් විතරයි.  ඒකට තීන්දු දෙන්න බලයක් නෑ. ඒ නිසාම ඒ කොමිසමෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වැරදිකරු කරලාත් නෑ.  ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරලාත් නෑ.  එහෙම නම් මේ කොමිසමෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න නිර්දේශ කරලා තියෙනවාය ඒ අනුව අපි ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු  කරනවාය යනුවෙන් මාලිමා මන්ත්‍රීවරුන් කියන්නේ තවත් එක් ලොකු පචයක්ද?. මාලිමා පච වැලට එක්වූන අළුත් පචයක්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රජා අයිතය අහෝසි කිරීම. මේ අය ඔය වාරතාව නොකියවා හරි  හැටි තේරුම නොගෙන කතා කිරීම නිසා තමයි සුපුරුදු පරිදි  මේ ආණ්ඩුව නැවත වතාවක් අමාරුවේ වැටෙන්නේ .  දැන් මොකද්ද මේ වාරතාවෙන් කියන්නේ සමහර පොලිස් නිලධාරින් පුදගලයින්ව බොරුවට නිතිවිරේධීව අත්අඩංගුවට අරගෙන වද හිංසා දීලා නිදහස් කරාම මේ අය ගිහිල්ලා  මූලික අයිතිවාසිකම්   නඩු දානවා. වින්දිතයින් පොලිස් නිළධාරින්ට  නඩු දාලා වැරදිකරුවන් වුණාම  නඩු දාපු එකේ තරහා පිරිමහන්න නැවත අත්අඩංගුවට ගැනීම් ගැන මේ වාර්තාවේ තිබෙනවා.  ඒ නිසා වාර්තාවේ තිබෙන එක නිර්දේශයක් තමයි දිගින් දිගටම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන අයගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට බලය දෙන්න කියන එක.  ඒක සිතා මතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කර තිබෙන බවට වැරදි මතයක් හදනවා. එය පටලවා ගත්තාද හතා මතා එසේ  කරගත්තාද කියන්න දන්නේ ආණ්ඩුව විතරයි.

එහෙම නම් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුව වරින් වර රඟ දක්වන සෙව්වන්දි සොකරිය, පොලිස්පති කෝලම, කතානායක රූකඩ නැටුම වගේමයි බටලන්දත්  නාඩගමක් විතරයි කියන එක අපි ප්‍රකාශ කරනවා