ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

රනිල් අත්අඩංගුවට – ඊට පස්සේ???

විදෙස් සංචාරයක දී මහජන මුදල් අවභාවිතයේ යෙදීමක් කරැති බව CID කියයි

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (22) උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශය දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්න ලදි. ඔහු පැය 4 ක තරම් කාලයක් විමර්ශව නිලධාරීන් ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූ බව කියයි.

වික්‍රමසිංහ මහතා  ජනාධිපති ධුරය දරමින් සිටිය දී කරන ලද  විදෙස් සංචාරයක දී මහජන මුදල් අවභාවිතාවක් කරැති බවට  අදාළ ව කෙරෙන විමර්ශනයට අනුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙසේ කැඳවන ලදි. 

වික්‍රමසිංහ මහතාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම පිණිස ලන්ඩන් නුවර වෙත යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වේ.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇත. 

මේ වන විටත්  එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ පාක්ෂිකයින් රැසක්  එම ස්ථානයට රැස්වෙමින් සිටින බව වාර්තාවේ.

තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධිකරණ පරිශ්‍රය තුළ සහ ඉන් පිටත විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත. 

 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද  උසාවි පරිශ්‍රය වෙත පැමිණ සිටිති.

අද දින අධිකරණයට ඉදිරිපත් කරන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කාරාවිද නැතිනම් ඇප මත නිදහස් කරාවිද යන්න සවස තීරණය කෙරේ.