ජනපතිවරණය ද? මහ මැතිවරණය ද??
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ මහතා අතර මේ හමුව පැවැත්වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය මෙන් ම පාර්ලිමේන්තු මහ මැතිවරණය ත් සෙසු දේශපාලන කරුණු කාරණාත් සම්බන්ධයෙන් කිසියම් නිශ්චිත තීරණයකට එළැඹීමේ අපේක්ෂාවෙන් බව යි අපේ ආරංචි මාර්ග දක්වන්නේ.
මහ මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරණයට පෙර කළ යුතු ය යන මතයේ එල්බ සිටින බැසිල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කෙරෙන්නේ දෙවැනි වරට යි.
 
            