ඒ චාමර සම්පත් වෙනුවෙන්!!!!?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද උදේ පෙනී සිටියේ ය. මේ වන විටත් ඔහු එහි සිටින බව ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස සිටියදී සිදුවු බව කියන රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඒ හා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ඔහුගෙන් කරුණු විමසීමකට හේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවන ලදි.
රනිල් වික්‍රමසිංහ මහතාට අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන්නැයි දැනුම් දී තිබුණ ද එදින ඔහුට පැමිණීමට නොහැකි බව දැනුම් දීමෙන් පසු අද දිනයේ දී පැමිණෙන බව ඔහු ගේ නීතිඥවරුන් එම කොමිසමට දන්වා තිබුණි.