විජලනන තත්වයක් හේතුව ලු
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ජනාධිපතිවරයකු මෙන් ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත එහි රෝහලට ඇතුළත් කර සිටිය දී ඔහුට ඇති වූ සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදුව විජලන තත්වයක් ඇති වීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
ඔහු හෘද රෝගියකු මෙන් ම මධුමේද රෝගය වැලඳීමේ හේතුවෙන් සිරුරේ සීනි ප්‍රතිශතය වැඩි වී ඇති බව ද ආරංචි මාර්ග දක්වයි.
වික්‍රමසිංහ මහතා අඩු සෝඩියම් මට්ටමකින් ද ඉහළ ක්‍රියේටිනින් මට්ටමකින් ද අධි රුධිර පීඩනයකින් ද පෙළෙමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග දක්වයි.
හිටපූ ජනාධිපති වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුලුලී ලංකාපුර මෙනෙවිය විසින් ඔහු රක්ෂති බන්ධනාගාර ගත කරන සේ නියෝග කරන ලද්දේ 22 දා රාත්‍රී 9. 45 ට පමණ ය. එ
රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂඛ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමෙන් අනතුරුව එදින දහවල් 1. 15 පමණ පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
එකී ලක්ෂ 166 ක් හෙතෙම අවභාවිතා කරන ලදැ යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතඅඩංගුවට ගෙන උසාවිය හමුවට පමුණුවන ලද්දේ නිව්යෝක් නුවර පැවති සමුළුවකට සහභාගි වී එන අතර තුර පෞද්ගලික සංචාරයක් කිරීමට එංගලන්තය බලා ගොස් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම යන චෝදනාව යටතේ යි.
කොටුව මහේස්ත්‍රාත් වරිය විසින් ඒ පිළිබඳව කරන ලද දිගු විභාගයකින් අනතුරුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අගෝස්තු 26 දා දක්වා බන්ධනාගාර ගත කරන්නට නියෝග කළා ය.