පොල්දූව මංසංධියේ දී ජන අරගල ව්‍යාපාරයේ පිරිස් සැවැන්ත උද්ඝෝෂණයක
මේ පනත් සම්මත වුණොත් විධායකයට පුළුවන් තමන්ට විරුද්ධ වෙන ඕන කෙනෙක්ව ත්‍රස්තවාදීයෙක් කරලා සිරගත කරන්න. පොලීසියට පුළුවන් කම ලැබෙනවා ගම්වල ඉන්න අහිංසක තරුණයන්ව තමන්ට කැමති චෝදනාවක් දාලා සිරගත කරන්න. අපි අහනවා ආණ්ඩුවෙන් මේවා කරන්න ද උඹලට රටේ ජනතාව ජනවරමක් දුන්නේ ? කියලා - වසන්ත මුදලිගේ.

ජනතාව අපරාධකරුවන් කරන OCA ඉරා දමනු ! " යන සටන් පාඨ මූලික කරගනිමින් ජන අරගල ව්‍යාපාරය ඇතුළු වෘත්තීය සමිති බහුජන සංවිධාන, දේශපානලන ක්‍රියාකාරීන් විසින් සංවිධානය කළ දැවැන්ත විරෝධතාවක් අද ( 2026. 11. 04 ) දින පස්වරු 12.00 ට පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ දී ආරම්භ විය.
එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ.
" අපි අද පාර්ලිමේන්තුව ළඟට ආවේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අරගෙන. අපි දන්නවා පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ආණ්ඩුවයි විපක්ෂයි දෙකටම අද රටේ ජනතාවගේ ප්‍රශ්න අදාළ නැහැ. ඒගොල්ලො පාර්ලිමේන්තුව ඇතුළෙ සුපුරුදු විදිහටම තමන්ගේ ගොඩ වැඩි කරගන්න කුලල් කා ගන්නවා.






