උණුසුම් පුවත්කාලීනදේශපාලන

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ???

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සැකකරුවෙකු ලෙස, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා වූ විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා  අද (25) උදෑසන පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සුරේෂ් සලෙයි මහතා, ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක සේවය කරමින් සිටියි. අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හේ එම ආයතනයට යමින් සිටියදී ය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව බව ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට පත් හෙතෙම  ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද දීර්ඝ කාලයක් සේවයේ නියුතුව හුන් නිලධාරියෙකි.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී කල්ලියක් විසින් මිනිස් ජීවිත රැසකට දිවි අහිමි කරමින් ද තවත් සෑහෙන පිරිසක් ආබාධිතයින් කරමින් ද ඉතා කෲර අයුරින් මේ ප්‍රහාර මාලාව එල්ල කරන ලද්දේ 2019 අප්‍රේල් 21 වැනි  දා ය.