උණුසුම් පුවත්

රාජ්‍ය බුද්ධි සේවා නව අධ්‍යක්ෂ අද (07) වැඩ භාරගනී

ඒ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත යි

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ධූරයෙට පත් කරන ලද නියෝජ්‍ය පොලිස්පත ධම්මික  ප්‍රියන්ත මහතා අද (07) සිය රාජකාරියේ වැඩ භාර ගනී. ඒ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුර හෙබ වූ සුරේෂ් සලෙයි මහතා ගේ විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුවෙනි. 

සහකාර පොලිස් අධිකාරීවරයකු සේ ශ්‍රී ලංකා පොලිසියට එක් වූ ධම්මික ප්‍රියන්ත මහතා ගේ සේවය වසිහතර වසරකට වඩා වැඩිය. ඔහු මීට පෙර අබරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු විවිධ තනතුරු කීපයක් දරන ලද දක්ෂ නිලධාරියෙකි.

හේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙන් ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ද බාහිර කථිකාචාර්යවරයෙකි. අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.