උණුසුම් පුවත්කාලීන

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ආරක්ෂාව

සරසවි හි සියලු අංශවලට විශේෂ ආරක්ෂාවක්

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ආරක්ෂාව සලසන ලෙස අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මහජන ආරක්ෂ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

අධ්‍යාපන ඇමතිවරයා ගේ උපදෙස් මත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ බැව් දන්වමින් ලිපියක් යොමු කර තිබේ.

සරසවි ඇදුරු මණ්ඩල, ශිෂ්‍ය ප්‍රජාව, අනධ්‍යයන කාර්ය මණ්ඩල හා ඒවායේ දේපෙළ වලට විශේෂ ආරක්ෂාවක් සලසන සේ මහජන  ආරක්ෂක ලේකම් හට  අද ලේකම්වරිිය විසින් යවන ලද ලිපියෙහි සඳහන් ය.