සමගාමී වූ පුරාවිද්‍යා ප්‍රදර්ශනය
රාජ්‍ය වෙසක් උත්සවය මහා සඟරුවනගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, තානාපතිවරු ඇතුළු විදේශ නියෝජිතයින්, මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අද (2024.05.21) ආරම්භ විය.
ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමි, ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමි,
අමරපුර ආරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය එඬේරමුල්ලේ අමරමෝලි තිස්ස නා හිමි,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය මාතලේ කුසලධම්ම නාහිමි, ඇතුළු ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා
බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු.
ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ , යදාමිණි ගුණවර්ධන, ගුණතිලක රාජපක්ෂ, රෝහිණී කවිරත්න, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල,
චීන, වියට්නාම්, කොරියානු තානාපතිවරු, පකිස්ථානු මහ කොමසාරිස්, ඉන්දීය සහකාර මහ කොමසාරිස් ඇතුළු තානාපති නිලධාරීන්, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු රාජ්‍ය නිලධාරින්, සැදැහැවතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.