ධනවත් පවුල් ද සුබසාධන ප්‍රතිලාභ ගන්නා බව සමාලෝචන වාර්තාවෙන් ලෝක බැංකුව පෙන්වා දෙයි
ජනතාවට ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා තීරණාත්මක නොවන අංශ ඉවත් කරමින් ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ලෝක බැංකුව නිර්දේශ කොට තිබේ.
ශ්‍රී ලංකාවේ පමණ ඉක්ම වූ රාජ්‍ය සේවකයින් පිරිසක් සිටින බව ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ මුල්‍ය සමාලෝචන වාර්තාවේ සඳහන් වෙයි ඒ නිසා ක්‍රමානුකූලව කප්පාදු කරමින් රාජ්‍ය සේවක සංඛ්‍යාව නිවැරදි ප්‍රමාණයට ගෙන ආයුතු බව එම වාර්තාව මඟින් නිර්දේශ කොට ඇත..
වසරකට විශ්‍රාම ගන්නා රාජය සේවකයින් පිරිසට වඩා අඩු ප්‍රමාණයක් රාජය සේවයට බඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත් රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් මන්දගාමී ව සිදුවිය යුතු බවත් එම වාර්තාවේ තව දුරටත් සඳහන් ය.
ශ්‍රී ලංකාවේ තිබෙන සුබසාධන හා සංවර්ධන වැඩසටහන් දැඩි අවදානමකට ලක්වූ පවුල් පමණක් ඉලක්ක කරමින් ක්‍රියාත්මක නොවන බවත් නිසි ඉලක්කගත ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් ධනවත් පවුල් වලට ද එම ප්‍රතිලාභ ලැබෙන බව ද එහි සඳහන් කොට තිබේ.