උණුසුම් පුවත්කාලීනසෞඛ්‍යය රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් 2025-10-260 ආගම්වල පවතින සංස්කෘතික ලක්ෂණයන් අනුව හෙද නිල ඇඳුම වෙනස් විය යුතුදැ යි සංගමය ඇමතිවරයා ගෙන් විමසයි රජයේ රෝහල් වල හෙද නිලධාරීන් අදින නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් නිර්මාණය වූ නිල ඇඳුමකි. යම් යම් අයගේ ආගම්වල පවතින සංස්කෘතික ලක්ෂණයන් අනුව හෙද නිල ඇඳුම වෙනස් විය යුතු යැයි රජයේ වගකිවයුතු ඇමතිවරයකු කිසියම් ප්‍රකාශයක් සිදු කර ඇති බව මාධ්‍ය වලින් අප දැන ගතිමු. ඒ ඒ ආගම් සඳහා ඒ ඒ සංස්කෘතික ලක්ෂණයන් අනුගමනය කරන උදවිය සැලකිල්ලට ගෙන පිළිගත් සම්ප්‍රදායන් අනුව සකස් කර ඇති නිල ඇඳුම වෙනස් වන්නේ නම්, ඒ පිළිබඳව අප එකඟ නොවෙමු. මේ මතය මත, කවරෙකු හෝ හෙද සාත්තුවද වෙනස් කළ යුතු යැයි යෝජනාවක් ගෙන ආවොත් එය ද කල යුතුව ඇත. කෙසේ වෙතත් දැනට පිළිගත් ප්‍රතිපත්තියක්ව පවතින ශ්‍රී ලංකා සංස්කෘතියට ගැලපෙන නිල ඇඳුම වෙනස් කරනවාට වඩා පුර්ණ හෙද පිළිවෙත් අංග සම්පූර්ණව කල නොහැකි බාධාවන් ඉවත් කොට කාර්‌යක්ෂම හෙද සේවාවක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ඌනතාවයන් සපුරාලීම මේ සමයේ ඉතා වැදගත් බව අප පෙන්වා දෙමු. එබැවින් කාගේ හෝ ඉල්ලීමකට සවන් දීමක් වශයෙන් නිල ඇඳුම වෙනස් කරන්නේ නම්, ඊට පෙර සංගමය සමඟ සාකච්ඡා කොට නිගමනයකට එළඹෙන ලෙස මින් දන්වා සිටිමු. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සභාපතිවරයා ඝාතනය කිරීම ප්රජාතන්ත්රවාදයට එල්ල කළ මරු පහරක් Next Article වැලිගම සභාපති ඝාතනයට ගාල්ලෙනුත් දෙන්නෙක්!??