උණුසුම් පුවත්කාලීනනව නිපැයුම්විශේෂාංගසාහිත්‍යය හා කලාව රාජේශ්වරී හා මදාරා ඊයේ (01) එළිදැක්වුණු වගයි 2026-06-020 ඒ සුගතපාල මැන්දිස් ගේ නවතම කෙටිකතා සංග්‍රහය යි සුගතපාල මැන්දිස් ගේ නවතම කෙටිකතා සංග්‍රහය ඊයේ (01) මුද්‍රණයෙන් නිකතු විය. එය ගොඩගේ ප්‍රකාශනයකි. මිල රුපියල් 500. 00 කි. රාජේශ්වරී හා මදාරා කතුවරයා ගේ සිව්වැනි කෙටිකතා නිර්මාණ එකතුව යි. ''මාගරට් ගේ වාසනාව'' - ඉතාම තාත්වික ලෙස ලියවී ඇත. ඒක්තරා සමාජ පන්තියක දුක්මුසු පැතිකඩක් පිළිබිඹු වේ. අවසානය මඳක් පොලිස් නිලධාරියාගේ හා මාග්‍රට් අතර හැඳුනුම් කම පැහැදිලි වූවා නම් හොඳ ය. ''ලොකු එකා" - මෙය අපට ඉතා සමීපය. පසුගිය අරගලය හා ඉන් පසු ඇතිවූ සමාජ ක්‍රිකාකාරකම් සිහියට නැඟේ. ජූලි වර්ජනය හා එහි පසු බලපෑම් ද සිහි කැඳවයි. ''රාජේශ්වරී... " සංවේදී මිනිස් හැසිරීම් විදහා දක්වමින් ලියැවුණු සරල කතාවකි. ඒ යටින් දිවෙන සියුම් ශෝකී බවක් හිතට දැනේ. සාර්ථක ලිවීමකි. ''කලබ් එළි" - බොහෝ වරක් ලියවී ඇති සිද්දියක්. නමුත් මෙහිදී එම සිද්ධිය දෙස නැවත සැරයක් හැරී බැලීමට පොළඹවයි. මවක් හා පුතෙකු අතර ඇති සෙනෙහස හා බැම්ම මනාව දක්වයි. ''හෙනහුරා" යම් උපහාසයක් ගැබ් වූ කතාවකි. මිනිස් සන්තිනයේ නිරුතව සාකච්ඡා කරයි. වැරදි නැති මිනිසුන් නොමැත් බවත් ඔවුන් අතරින් ද ගුණ දම් මතුවන බවත් පෙන්වයි. මිත්‍යා ඇදහිලි ද ප්‍රශ්න කරයි. ''දඩිබිඩිය" - නූතනයට තදින් දැනේ. තැන තැන පුද්ගලයන් මරා දැමීම හා ඉක්මනින් ධනවත් වීමේ දී තම සමීපතමයන් ද නොසලකා හැරීම සහ ඔවුන් ගේ සිත් රිදවීම මනාව පෙන්වයි. ධනවත් වීමෙන් ඇතිවන උඩඟුවෙන් විනාශය කරා යෑඹ පෙන්වා දෙයි. ''මදාරා" - බොහෝ වරක් දෙස් විදෙස් නිර්මාණ හරහා කතාකර ඇති මාතෘකාවකි. මුදල් සොයා නගරයට පැමිණෙන ගම්බද තරුණියන්ගේ ඛේදවාචකය මනාව පැහැදිලි කරයි. වරක් උගුලේ හසුවූ පසු නැවත ගැලවීමක් නොමැති බව ඒත්තු ගන්වයි. පිවිසුම විචිතව ලියා ඇත. දිගටම කියවා ගෙන යාමට පොළඹවයි. මේ ශර්මිලා දන්වත්ත ලියා ඇති පසුවදන යි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පූර්ණ ප්රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) ජනතා අයිතියට.