උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

‘රාජ වල්ලිය’ ගැන කතිකාවක් 24 වැනිදා ගම්පහ දී

විශාඛා පාරේ ආසියානු සාහිත්‍ය නිවහනේදී

රාජ්‍ය සම්මානනීය ගත්කතුවරියක වන සේපාලි මායාදුන්නේ විසින් විරචිත අලුත්ම නවකතාව 'රාජ වල්ලිය' පිළිබඳව පාඨක - විචාරක සංවාදයක් ජනවාරි 24 සෙනසුරාදා උදේ 10.00 ට ගම්පහ විශාඛා පාරේ ආසියානු සාහිත්‍ය නිවහනේදී පැවත්වීමට නියමිතය.

සේපාලි ගේ රාජවල්ලිය ගැන ජයසිරි අලවත්ත, සුමුදු චතුරාණි ජයවර්ධන, හා ඉරේඛා සෙනෙවිරත්න මෙකී සංවාදයට විචාරකයන් ලෙස එක්වේ.
කුරුණෑගල යුගයේ දුර්වල රාජ්‍ය සමයේ දෙවැනි බුවනෙකබාහු රජ සමයේ මෙරට සංස්කෘතියට ඇතිවූ බලවත් වෙනස්කම් මෙන්ම මේ දක්වා බලපැවැත් වූ රජු හා යුව රජු වශයෙන් පැවැති සංකල්පය ප්‍රාදේශීය රජවරුන් බිහිවීම ලෙසින් වෙනස්ව යෑම සමඟ සමාජ ස්ථරවල සිදු වූ වෙනස්කම් ද පිළිබඳව ලියැවුණු රාජ වල්ලිය SWAN ප්‍රකාශනයකි.
 සාහිත්‍ය හිතකාමී සහෘදය ඔබට ද මෙම සංවාදය සඳහා සහභාගී වීමට ඇරයුම් කෙරේ.