උණුසුම් පුවත්

රුපියල් මිලියනයකට අධික කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

සැකකරු උඩුත්තුරෙයි පදිංචිකරුවෙක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව පෙරේදා (05) වන දින සවස් කාලයේ කිලිනොච්චිය, උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම, කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකළ මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ පාර්සල් දෙකක (02) අසුරන ලද කේරළ ගංජා කිලෝ 03 යි ග්‍රෑම් 960 ක පමණ ප්‍රමාණයක් සමඟ යතුරු පැදිකරු සහ යතුරු පැදිය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මේ කේරළ ගංජා ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියනයකට (01) අධික වෙතැයි විශ්වාස කෙරේ.

 අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන උඩුත්තුරෙයි උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, කේරළ ගංජා සහ යතුරු පැදිය ද සැකකරු ද ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනී පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.