උණුසුම් පුවත්කාලීනක්‍රීඩා

රුමේෂ් හෙල්ල විසිකිරීම ඉසව්වේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි

ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

ඉන්දියාවේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදි හෙල්ල විසිකිරීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට රුමේෂ් තරංග අද (10) පස්වරුවේ සමත් විය.
මෙහිදි ඔහු මීටර 86.50 ක දක්ෂතාවක් දැක් වූ අතර, ඒ හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතාව මලල ක්‍රීඩා ශූරතාවලියටද ඔහු ඍජුව සුදුසුකම් ලබාගත්තේය.