උණුසුම් පුවත්විදෙස්

රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ ළමුන් ඇතුළු 11ක් මරුට

යුක්‍රේනයේ නැගෙනහිර නගරයට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයාට අනුව නැගෙනහිර යුක්‍රේනයේ Pokrovsk නගරයේ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර ළමුන් පස් දෙනෙකු ද සිටින බවයි

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් අට දෙනෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්.

එමෙන්ම යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ රුසියානු හමුදා නේවාසික ප්‍රදේශ ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.