නවශක්තිය 1940 නොවැම්බර් මස 22 දින
හවුරුදු අසූ පහකට පෙර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිහ මහතා ගැන දේශපාලන මණ්ඩල සභික නවශක්ති ප්‍රවෘත්ති පත්‍රයේ කතුවර ඩී. පී. යසෝදිස් මහතා විසින් ලියන ලද අගනා ලිපියකි මේ
"ජන ශක්තිය" පත්‍රය මගින් ආණ්ඩුවට විරුද්ධව ලිපි පලකොට මහජනයා ආණ්ඩුව කෙරෙහි කෝප කරවීමට ක්‍රියා කලේ යයි වරදකාරයා කරනු ලැබු සහෝදර දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ ලක්දිව වැඩකරණ ජනතාව ආදරය කරන්නෙකි. නිදහස් ලංකාවක් වෙනුවෙන් සාමාන්‍ය ජනයාට සැප සම්පන්න ජීවිතයක් ලබාදීමටත් ඔහු සෑමදා සටන් කලේය. අනාගත ලංකාවේ ඇතිවන දේශපාලන ක්‍රමයවූ ශාස්ත්‍රීය සෝශලිස්ට් වාදය ලංකාවට ගෙනාවේ දොස්තර වික්‍රමසිංහ සහෝදරයාය. ශාස්ත්‍රිය සෝලිස්ට් වාදය ගැන ඔහු සටන ආරම්භ කලේ එංගලන්තයේ ශිෂ්‍යයෙකු වී සිටි කාලයේ සිටය. ලංකාවටත් උවමනා කරන්නේ එවැනි ම ක්‍රමයක් බව ඔහු එදා සිතා ගත්තේය. ලක්දිව පවතින රැකීරක්ෂා රහිතකම, සාගින්න, ලෙඩදුක්, දුප්පත්කම යනාදියට තිබෙන එකම නොවරදින බෙහෙත ශාස්ත්‍රීය සෝශලිස්ට් වාදය බව ඒකාන්ත ලෙස අවබෝධ කරගෙන තම සම්පූර්ණ කාලයත් ධනයත් ඒ වෙනුවෙන් කැපකිරීමට සිතා ගත්තේය. ඔහු එංගලන්තයේ සිටි කාලයේ ලංකා ශිෂ්‍ය සංගමයේ ලේකම් ධූරයට පත්කර ගන්නා ලදී. තවද ඩ්‍රස්ඩන්හි පැවැත් වූ ලෝකයේ ශිෂ්‍ය සම්මේලනයට නියෝජිතයෙකු වශයෙන් සහභාගි වුණේය.
වර්‍ෂ 1929 දී රුසියාවේ මොස්කව් නුවර පැවැත් වූ තරුණ කොමියුනිස්ට් ජාත්‍යන්තරයට පැමිණෙන්නට යයි ආරාධනාවක් සහෝදර වික්‍රමසිංහට ලැබුණේය. නුමුත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව එහි යාමට අව සර නුදුන්නේය. එංගලන්තයේ උසස් වෛද්‍ය උපාධි ලබා ලංකා වට පැමිණ වර්ෂ 1931 දී මොරවක පළාත්වාසීන් විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරා යවන ලදී. එහිදී එම සහෝදරයා තමාම තනියම, අධිරාජ්‍යවාදීන්ටත්, ධනපතින්ටත් විරුද්ධව එඩිතර සටක් කලේය. මන්ත්‍රණ සභාව මගින් කවදාවත් මහජනයාට හරි නිදහසක් ලබා දීමට බැරි බව් හොඳින් දැන සිටි සහෝදර වික්‍රමසිංහ එයින් පුළුවන තරම්වත් සහනය ලබාදීම ගැන වේගවත් සටනක් මන්ත්‍රණ සභාව තුල ගෙන ගියේය. දොස්තර වික්‍රමසිංහ එදා නැගූ හඬ නිසා අද ලක්ෂ ගනන් ජනයාට, විශේෂයෙන් කම්කරු ජනතාවට විශාල සහන ලැබුනේය. උවමනා නැති ඇනුම්පද නොකීවත් ගුටි කෙලි වලට නොගියත් ලංකාවේ දුප්පත් ජනතාවගේ නියම තත්වය ලොවට එලිකොට ඊට කල යුතු දේ පෙන්නාදුන් එකද මන්ත්‍රීවරයෙක් ඔය මන්ත්‍රණ සභවේ සිටියා නම් ඒ සහෝදර වික්‍රමසිංහය.
කම්කරුවන්ට පැය අටේ නීතිය ඇතුළු අලුත් වෙළඳ ශාලා පනත, පැක්ටරිවල කම්කරුවන්ට සහනය, ගෙවල් කුලී අඩුකිරීම, මාතෘ නිවාස, ආරෝග්‍යශාලාවල තත්වය සම්පූර්ණයෙන් වෙනස් කොට දුප්පතුන්ට සැලකිල්ලෙන් බේත් හේත් කිරීමට සැලැස්වීම, පාඨශාලා ශිෂ්‍යයින්ට නොමිලයේ ආහාර සහ පොත්පත් දීම, පාඨශාලා පාලනය ආණ්ඩුවට ගැනීමට සැලැස්වීම, කම්කරු සමිති ආණ්ඩුවමගින් ලියාපදිංචි කොට ඒවා ස්වාමිවරුන් පිලිගැනීමට සැලැස්වීම, රැකී රක්ෂා රහිත අයට සහනදායක වැඩ හෝ නඩත්තුව දීමට ක්‍රීයා කිරීම, කොළඹ නගරයේ මුඩුක්කු නැතිකොට දුප්පතුන්ට අඩු කුලියට මොඩල් ටැනමන්ස් හෙවත් අලුත් තාලේ ගෙවල් ලබා දීමට ක්‍රියා කිරීම, දොස්තර වික්‍රමසිංහට ඒ කාලේ අනිකුත් ඇමතිවරු හා මන්ත්‍රීවරු ඇට මැස්සා, පුංචි ලෙනින් සම් පැට්‍රල්යයි නොයෙක් නම් තැබුවේ මොහුට මුළු ධනපති මැති ඇමති සියල්ල ම එක්ක වුවත් පසු නොබැස සටන් කිරීමට වීර්යයක් තිබූ නිසාය. ලංකා මාතාව එදා මෙතරම් ආදරය කල තවත් පුතෙක් සිටියේ නැත.
මැලේරියා කාලයේදී මෙතුමා වීරයෙක් වුයේය. සම්පූර්ණ කාලය රුවන්වැල්ල, අවිස් සාවේල්ල, කෑගල්ල යන පලාත් වල ගතකරමින් 24000 ක් පමණ ලෙඩුනට තම අතින් බෙහෙත් කොට මහත් හෙජන මෙහෙයක් කළේය.
ලංකා සමසමාජ පක්‍ෂය පටන් ගැනීමට මුල්වූයේ මේ සහෝදරයා ය. එහි ජාත්‍යන්තර සම්බන්ධකමක් ඇති කිරීමට එංගලන්තයේ දී ක්‍රියා කලේය. "ඩොකටර් වික්" කමක් එංගලන්තයේ සෝශලිස්ට් වාදින්ගේත් කම්කරුවන්ගේත් සම්මේලන වල හොඳට අදුනන නෙකි.
සමසමාජ පක්ෂය කැලේ ඇදී යන බව දැනී එය හරි මග යැවීමට සාමාන්‍ය පාක්ෂිකයින් සමග එකතු වී සටන් කලේය. සෝවියට් රුසියාවටත්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයටත් විරුද්ධවූ යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ එදා කවුන්සලේ දී ජයතිලක ආදී ප්‍රතිගාමින්ට විරුද්ධව සටන් කළ හඬින් ම සභාව මවිත කරවමින් පැය දෙකක් සටන් කලේ ය.නුමුත් පවුල් බලයට ජය අත්විය. නුමුත් අනාගතයේ දී අපට ජය අත්වන බව ප්‍රකාශ කරමින් අනිකුත් සිත් ප්‍රබෝධ කලේ ය. පක්ෂයෙන් නෙරපා දැම්මේය. නුමුත් අනිකුත් සහෝදරයින් සමඟ එක්වී සෝවියට් රුසියාවටත් කොමියුනිස්ට් ජාත්‍යන්තරයටත් සම්පූර්ණ සහෝදරත්වය දක්වන නියම සෝශලිස්ට් වාදය වෙනුවෙන් සටන් කොට අද අවුරුද්දක් සිරගෙයි සිටීමටත් රුපියල් 3000 ක් දඩගෙවීමටත් නියම වී සිටී.
නමුත් සුගීස්වර අබේවර්ධන වික්‍රමසිංහ අද එදාටත් වඩා එඩිතර සෝශලිස්ට් වාදියෙකි මහළු ජයතිලක ආදී පරණ ප්‍රති ගාමීන්ගේ, කොල්වින්, ලැස්ලී වැනි අළුත් සමසමාජ ප්‍රතිගාමීන් ටත් විරුද්ධව සටන්කොට අපේ සහෝදර ඇස්. ඒ. වික්‍රමසිංහ, ලංකාවේ ඉතාමත් දියුණුම විධානයකින් යුත් කම්කරු පන්තියේ අසහාය නායකයාවී සිටින්නේය.
======================================================
යසෝදීස් අයිතිකාර කර්තෘ ව නොවැම්බ්‍ර 22 වෙනි දින වැල්ලවත්තේ මැනින් ජලේස් අංක 72 - 1 නිවැසි දික්වැල්ල පලවෙනිගේ කොළඹ පැරිවිදියේ නො, 92 දරණ යුනයිටඞ් යන්ත්‍රාලයේ 1940 ක්වූ මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරණ ලදී.