අතුරේ ගමනකට කැපවූ ඔහුට හෙළදිව සුබ පැතුම්!!!
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා සේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දයා ලංකාපුර මහතා ඊයේ (11) වැඩ භාර ගන්නා ලදි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඔහු මේ තනතුරට පත් කරන ලැබුවේ ඉකුත් සතියේ සිකුරාදා ය.
එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඉදිරියේ ලංකාපුර මහතා වැඩ භාර ගත් අවස්ථාව යි මේ.
ගිංතොට මහා විද්‍යාලයෙන් අකුරු කරන්නට අත්පොත් තබන ලද දයා ලංකාපුර මහතා පස්වැනි ප්‍රමාණයේ සිට දේවපතිරාජජ විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා අධ්‍යාපනය හදාරා කොළඹ විද්ව විද්‍යාලයෙන් උපාධිය දිනා ගත්තේ ය.
පාසල් සමයේ දී ම මව්බිම පුවත්පත අලෙවි කරමින් වාමාංශික දේශපාලනයට යොම වූ ඔහු ලංකා කොමියුනිස්යට් තරුණ සමිතියක් ද ගිංතොට ආරම්භ කරන ලද්දේ ය.
ඒ ඔහු දේවපතිරාජ විද්‍යාලයෙන් හත, අට ප්‍රමාණයේ ඉගෙන ගනිද්දී ඔහුගේ ඉංග්‍රිසි ගුරුවරයා වූ පී. එච්. නිමල් ද සිල්වා මහතා ගේ ඇසුර ලැබීමෙනි.
ඇත්ත පුවත්පත අරඹා ටික කලකින් ම එහි කර්තෘ මාණ්ඩලිකයකු බවට පත් වූ දයා ලංකාපුර මහතා 1982 දී දිනපතා දිවයින පුවත්පත ආරම්භයත් සමඟ ඊට එක් වී 1995 තෙක් එහි ද කතු මඬුල්ලේ සාමාජිකයකු සේලෙස අතිවිශිෂ්ට සේවයක නිරත වූ අත්දැකීම් බහුල සම්මාන ගණනාවකට උරුමය කියනා පුවත්පත් කලාවේදියෙකි.
අනතුරුව හේ ලේක් හවුස් ආයතනයේ සිළුමිණ කතු මඬුල්ලේ නියෝජ්‍ය කතුවරයා සේ ද ජනතා පුවත්පතේ කතුවරයා සේ ද කටයුතු කළේ ය.
රිවර පුවත් පතෙහි ද ඉරුදින හා ලක්බිම පුවත් පත් හි ද කතු මණ්ඩලයේ සේවය කරන ලද ලංකා පුර මහතා පුස්තකාල සේවා මණ්ඩලයේ මෙන් ම පුවත්පත් කොමිෂමේ ද සාමාජිකයකු සේ ක්‍රියා කරන ලද ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදීයෙකි. හේ පුවත්පත් ලෝකයට මෑතක දී එක්වූ 'රතුඉර' පත්තරේ ප්‍රවෘත්ති කතුවරයා සේ ඊයේ දක්වා සේවය කරන ලදි.
ඔහු පත්තරකාරයකු සේ මහත් ආන්දෝලනාත්මක පුවත් අනාවරණය කරන්නට නොපසුබට වූ ඔහු අභීත පුවත්පත් කලාවේදියෙකි. 1971 අප්‍රේල් කැරැල්ල සමයේ දී කතරගම රූපසුන්දරී, ප්‍රේමවතී මනම්පේරී ඝාතන සිද්ධිය රටට අනාවරණය කරන ලද්දේ දයා ලංකාපුර මහතා විසිනි.
පුවත් හඹායෑමේ පත්තරකාරයකු සතුව තිබිය යුතු ගුණාංග සියල්ලෙන් ම යුත් හේ නවකයින් රැසක් පුවත්පත් ලෝකයට හඳුන්වා දෙන්නට තරම් මානුෂික ගුණයෙන් හෙබි දෙටු පුවත්පත් කලාවේදීන් අතර හිඳිනා සූර ලේඛකයෙකි.
හේ මාධ්‍ය ක්ෂේත්‍රයට එක්වන නවකයින් පුහුණු කරන්නෙකු සේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි පීඨයේ බාහිර කථිකාචාර්ය වරයකු සේ ද සිය දැනුම නව පරපුරට බෙදා හදා දෙන්නකු ය.
ඇත්ත පුවත්පතෙහි පසුකාලීන කතුවරයකු වූ නිව්ටන් සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ පිරිසක් හා එක්ව වෘත්තීය පුවත්පත්කලාවේදීන්ගේ සංගමය නිර්මාණයට දායක වූ දයා ලංකාපුර මහතා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භක සාමජිකයකු ද විය.