උණුසුම් පුවත්

ලංගම බස්රථවලට නව විද්‍යුත් ප්‍රවේශපතක්

විද්‍යුත් කාඩ්පතක් හෝ QR ක්‍රමයක් ඔස්සේ ලංගම බස් රථවල ප්‍රවේශ පත් නිකුත් කිරීමට අවශ්‍ය පසුබිම පසුගිය කාලය තුළ සකස් කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මේ වන විට එය අවසන් අදියරට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ,

වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පවසා සිටින්නේ ඉදිරි මාස 2ක තුළ අදාළ ව්‍යාපෘතිය හඳුන්වා දීමෙන් පසුව ලංකා ගමනා ගමන මණ්ඩලයට දෛනිකව සිදුවන රුපියල් කෝටියක පමණ ආදායම් අහිමිවීම වැළැක්වෙන බවයි.