ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

ලංඩන් පාතාලයෝ කොළඹ වරායේ පකුම් පාති

පාතාල රජ සිටු මැති වරුන් එළිපිට සිල්ප දක්වන්නට තරම්.....

ලන්ඩනයේ සිටින පාතාල නායකයකු මෙහෙයවන බව කියන වරායට අරක් ගත් පාතාලයේ කණ්ඩායමක් මැදිහත්වී සීනි කන්ටේනර් පහක ටෙන්ඩරයක් ව්‍යාපාරිකයන් බිය වද්දා ගෙන වැඩි මිලට විකුණූ ජාවාරමක් සිකුරාදා දිනයේ (20 වැනිදා) වාර්තා විය.

රතු සීනි කිලෝ ග්‍රෑම් එක්ලක්ෂ තිස්පන්දාහක් අඩංගු කන්ටේනර් පහක් රේගු භාරයේ තිබී ටෙන්ඩර් මගින් වෙන්දේසියේ දමා තිබුණේ බ්‍රහස්පතින්දා (19 වැනිදා) දිනයේදීය.

එහිදී ටෙන්ඩරයට පැමිණි අනෙක් ව්‍යාපාරිකයන්ට එම ටෙන්ඩරයට ඉල්ලා සිටීමෙන් වළකින ලෙස පාතාලයට සම්බන්ධ කණ්ඩායම් ටෙන්ඩරය ආරම්භයට පෙරදීම බලපෑම් කර ඇතැයි වරාය ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඉන් පසුව එක් ව්‍යාපාරිකයකු රතු සීනි කිලෝව රුපියල් 159 බැගින් ටෙන්ඩරයෙන් ලබාගෙන ඇති අතර ඉන් පසුව එම ව්‍යාපාරිකයාට බලපෑම් කර ඇත. එහිදීම පාතාලයට සම්බන්ධ කණ්ඩායම් මැදිහත්වී සෙකන්ඩ් සේල් ක්‍රමයට කිලෝවක් රුපියල් 212 ත් රුපියල් 214 ත් අතර මිලකට සිකුරාදා දිනයේ වරායේදී විකුණූ බවට අනාවරණය විය.

ඉන් පසුව එම කණ්ඩායම් මැදිහත්වීමෙන් තර්ඩ් සේල් එකක් මගින් වැඩි මිලකට විකුණූ බවද වරායෙන් වාර්තා විය.

විදෙස් ගතව වරායේ ටෙන්ඩර් මෙහෙයවන පාතාල කල්ලි ගැන අරුණ දිගින් දිගටම අනාවරණය කළ අතර පසුගිය අවස්ථාවේදී එම ටෙන්ඩර් ගැනීමට පැමිණි පිරිස් පොලිස් කණ්ඩායම් යෙදීම නිසා ටෙන්ඩර් ගැනීමෙන් වැළකී තිබිණි.

තිස්ස රවින්ද්‍ර පෙරේරා
තුෂාර සම්පත් ජයරත්න

අරුණ පුවත් පතෙනි