උණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව

ලතා වල්පොළ දිවි ගමන නිමා කරයි

ඈ 91 වසරක් ආයු වලඳා සමු ගත්තී ය

හෙළයේ ගීත කෝකිළාවිය යන ආදරණීය නාමයෙන් හැඳින් වෙන සම්මානනීය ගායිකා ලතා වල්පොළ මහත්මිය අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේදයෙන්න යුතුව සටහන් කරමු. මියයව විට ඇය පසුවූයේ 91 වන වියේ ය. 

දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.

ලතා වල්පොළ මහත්මිය සිය ගායන දිවිය ආරම්භ කළේ වයස අවුරුදු 12 දී පමණ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක හැටියට යි. .

 1940 දශකයේ අගභාගයේදී ඇය ගුවන්විදුලිය හා අත්වැල් බැඳ ගත්තී ය.

 සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වූ ගායිකාව ලතා වල්පොළ මහත්මිය යි.

 "එදා රෑ" (1953) චිත්‍රපටයට  ගැයීමෙන්  සිනමා පට සඳහා පසුබිම් ගායනයටඈ අත්පොත් තැබුවා ය.       

 .චිත්‍රපට 600 කට අධික සංඛ්‍යාවකට ඇය පසුබිම් ගායනයේ  යෙදී ඇත.

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.