ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

ලසන්ත ඝාතනයට සැකපිට කැකිරාවේ දී කාන්තාවක් හා තවත් දෙන්නෙක් අල්ලලා – එකෙක් පලා ගිහින්

පලා ගිය- මොහු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉකුත් 22 වනදා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට සැකපිට පුද්ගලයින් දෙනෙකු හා කාන්තාවක් ද අද (26) උදේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ, මෙම අපරාධයට අදාළ සැකකරුවන් සැඟවී සිටින බවට ලද තොරතුරක්, අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා යුධ හමුදා නිලධාරීන්ගේද සහාය ඇතිව  අද දින (2025.10.26) මොවුන් අල්ලා ගෙන ඇත්තේ කමතකට භාවිතා කරන ලද, අත්හැර දමන ලද නිවසක සැඟව සිටිය දී බව පොලිසිය කියයි. සහිත ඉඩමක  වටලා පරීක්ෂා කර ඇති අතර එහිදී සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

එකී ඉඩම හා නිවස වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔවුන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය සමඟ පොර බැදීමක් සිදුකරන ලදුව පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කර ඇත. සැකකරුවන් විසින් අපරාධයට භාවිතා කරන ලද යතුරු පැදිවලින් එක් යතුරු පැදියක්, රුපියල් ලක්ෂ දොලහකට අධික මුදල් ප්‍රමාණයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන්ට පහසුකම් සලසන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරුවන් සමඟ පොලිස් නිලධාරීන් පොර බඳින අවස්ථාවේ පලාගිය සැකකරුවෙකු වන කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්‌මන පරන ලියනගේ නුවන් තාරක යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

මොහු අඩි 5 අගල් 6 ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ලෙස ද වම් අතේ ” හිතුමතේ ජීවිතේ” ලෙස පච්ච සලකුණු ඇත.

මෙම සැකකරුගේ ඡායාරූප මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

පොලිස්පති -  (WhatsApp) – 071 859 8888

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  – 011 233 7162 / 071 859 2087

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ  සහ අමාත්‍යංශ ලේකම්වරයා ගේ  මග පෙන්වීම මත පොලිස්පතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාන්ලාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලද්දේ ය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, දකුණු පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යංශ, මාතර හා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් පවතී.