හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කරයි
ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කරයි. ඒ අද පටන් ය.
ඒ අනුව ග්රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා වැඩි වෙනු ඇත.
කැට ලුණු කිලෝව පැකට්ටුවක් රුපියල් 120 සිට රුපියල් 180 දක්වා මිල වැඩි කෙරේ.
හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුව ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බවයි.
මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලූණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවද ඔහු පැවසුවේව.
ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතූ වූයේ ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම බවත් ලුණු සමාගම කියයි
අද වන විට සමහර ප්රදේශවල ලුණු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් දෙසියය ඉක්මා අලෙවි කරයි.