උණුසුම් පුවත්සෞඛ්‍යය

ලුණු හිඟයි – මිල ඉහළයි

වැඩිමිලට ලුණු අලෙවි කරන්නන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව වගකිවයුතු අංශවලින් ඇහෙන කතාවයි.

පසුගිය කාලයේ රටේ පැවති අයහපත් කාලගුණික හා දේශගුණික තත්වය නිසා ලුණු ලේවායන් හි නිශ්පානය අඩාල වීමෙන් රට තුළ ලුණු හිඟයක් නිර්මාණය වෙමින් පවතී.

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.

ලුණු මෙට්ට්‍රික් ටොන් 30 ක් ආනයනය කරන්නට රජය පියවර ගෙන ඇතත් ඒ් තොග ප්‍රමාදය මේ හිඟයට හේතුව බව කියයි.

මේ වන විට වෙළඳ පොළේ පවතින ලුණු හිඟය නිසා වෙළඳුන් හිතු හිතු ගණන්වලට පාරිභෝගිකයින් ගසා කමින් සිටින බව රටේ විවිධ ප්‍රදේශවලින් නැගෙන චෝදනාවයි.

වැඩිමිලට ලුණු අලෙවි කරන්නන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව වගකිවයුතු අංශවලින් ඇහෙන කතාවයි.