පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද සලකා බැලූ පෙත්සමේ තීන්දුව යි ඒ
ජනාධිපතිවරණ දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන තෙක් එම මැතිවරණය කැඳවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ව්‍යාපාරික සී.ඩී. ලේනව මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට ද පෙත්සම්කරු යටත් කෙරුණි. එය මාසයක් අතැළත ගෙවන ලෙසට ද පෙත්සම් කරුට අධිකරණයෙන් නියෝග කෙරුණි
අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වූූූයේ විජිත් මලල්ගොඩ, මුර්දු ෆ්‍රනාන්දු, ප්‍රීති පත්මන් සුරසේන, හා එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ය.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා අධිකරණයට නීතිපතිවරයා ගේ මතය දන්වා සිටින ලදි.
