ආරක්ෂකඋණුසුම් පුවත්

ලොහාන් පොලිස් අත්අඩංගුවට

ලියාපදිංචි නොකළ අංක තහඩු පවා නොමැති සුඛෝපභෝගී රියක් අත්අඩංගුවට ගැනීමෙන් දවස් පහකට පසු රත්වත්තේ පොලිසියෙන් අල්ලා ගනී

පොලිස් පිරිසක් විසින් අද(31) හිටපු රාජ්‍ය ඇමතිවරයකු වන ලොහාන් රත්වත්තේ මහතා මහනුවර දී අත්අඩංගුවට ‌ගන්නා ලදි. ඒ මහයියාවේ පිහිටි ඔහු ‌ගේ නිවසේ දී ය. පොලිසිය ඒ නිවස ද දැඩි සෝදිසියකට ලක් කර ඇත.

රත්වත්තේ මහතා අතුඅඩංගුවට ගැනීමට හේතුව සේ සඳහන් වන්නේ ඔහු ගේ බිරිය ගේ නිවසේ තිබී අංක තහඩුවක් පවා නොමැති මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ඉකුත් 26 වැනි දා අත්අඩංගවට ගැනීමෙනි පසුව ය.

ඒ සුඛෝපභෝගී මෝටර් රඡය ඔහුගේ බිරිඳට අයත් යැයි කියන නුගේගොඩ, මිරිහානේ, ඇඹුල්දෙණියේ, ශාලාව පාරේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ගරාජයේ තිබිය දී  මිරිහාන පොලිසිය විසින්  පොලිස් භාරයට ගන්නා ලදි.

මේ පිළිබඳව  මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වනු ලදුව එම  නිවසට ගොස්   රථය පරීක්ෂා කර ලදි.  මේ ගැන පොලිසිය කළ විමසීමේ  හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට දීප්‍රකාශ කරැයි සඳහන් වන්නේ, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව මේ නිවසේ පදිංචිව සිටින බවත්  මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේ මහතා ගේ පෞද්ගලික ලේකම්වරයා සති 3 කට පෙර මෙකී මෝටර් රථය සිය නිවෙසේ ගරාජයට ගෙනවිත් දැමූ බවයි.