උණුසුම් පුවත්ක්‍රීඩා

වනිඳු සහ ගෝලයන් හෙට ( 28) නෙදර්ලන්තය හමුවේ

හෙළයේ සිංහයෝ Grand Prairie Cricket Stadium, Dallas ක්‍රීඩාංගනයේ පුහුණුවේ නිරතව

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු තරඟය හෙට (28)

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය සටන දියත් කරනු ඇත.

මෙවර ලෝක කුසලානය ඇමරිකාවේදී පැවැත්වේ. ප්‍රථම පුහුණු තරඟය අද (27) කැනඩාව සහ නේපාලය අතරයි.

ඕමානය සහ පැපුවා නිව්ගිනියාව උගන්ඩාව සහ නැමිබියාව මෙන්ම ඇමෙරිකාව සහ බංගලාදේශය හෙට දිනයේදී පුහුණු තරග සඳහා එක්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සඳහන් කරයි

ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම තරගය ජුනි මස දෙවනදා කැනඩාව සහ ඇමෙරිකාව අතරත් එදින ම ද දෙවන තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියානු කණ්ඩායම අතර ද පැවැත්වේ.මෙවර ලෝක කුසලානය සඳහා කණ්ඩායම් විස්සක් එක් කර ඇත.

  - භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  -