දත්ත ලබා ගැනීමේ සාකච්ඡාව
වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීම සදහා වන සත්ව කළමනාකරණයට අවශ්‍ය දත්ත ලබාගැනිමේ සංගනනය පිළිබදව සිදු කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද උදෑසන 10.30 ට කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්විණි.
කමිටු සභාපති ඩී.එස්.රත්නසිංහ මිය, අතිරේක ලේකම් (කෘෂි සංවර්දන) කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය, මහාචාර්‍ය් ඒ එල් සන්දික - අධ්‍යක්ෂ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යෝෂණ හා පුහුණු ආයතනය, තාරක ප්‍රසාද් - අධ්‍යක්ෂ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඊට සහභාගි වී සිටියහ