ලක්ෂ්මන් යාපා වයඹින් දකුණට
අහමඩ් නසීර් සයිනුලාබ්දීන් (Naseer Ahamad) මහතා අද (02) වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන්නේ ය.
සාමාන්‍ය ව්‍යවහාරයේ දී ඔහු හැඳින්වෙන්නේ නසීර් අහමඩ් යනුවෙනි. හේ හිටපු කැබිනට් ඇමතිවරයෙකි. මඩකළපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනයට පත් වූ නසීර් මහතා කලක් නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමතිවරයා සේ සේවය කළේ ය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් දේශපාලනයට පිවිසි නසීර් මහතා එහි නියෝජ්‍ය නායකයාවරයා ද විය. ඔහු ගෝඨාභය රාජපක්ෂ පාලනයේ දී පරිසර කටයුතු පිළිබඳ ඇමතිවරයා සේ සේවයේ නියැළුණි.
 
            