උණුසුම් පුවත්ක්‍රීඩා

වර්ෂාවෙන් බාධා එල්ල වුන ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් තරගය

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ(06) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

ඒ හේතුවෙන් තරගය අතහරින විට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරන සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 04කදී කඩුලු 2ක් දැවී ලකුණු 12ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කඩුලු දෙක දවාගත්තේ ඩිල්ෂාන් මධුශංක වන අතර ඔහු යැවූ පන්දු ඕවර් දෙකේදීම කිසිදු ලකුණු ලබාදී නොමැත.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 273ක් ලබා ගැනීමට සමත් විය. ඒ කඩුලු 09ක් දැවී සිටියදීය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා හිමිවන ඉලක්කය ලකුණු 274ක්.

පන්දුවට පහර දීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා ගත් අතර සදීර සමරවික්‍රම ලකුණු 41ක් ලබා ගත්තේය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 101ක් රැස් කළේය.