කුරුඳු පැළ ලක්ෂයක් වගා කෙරේ
බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාසයේ කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇත. මහවැලි ඊ කලාපයේ පැවැත්වෙන පුනරුද සතියට සමගාමීව විල්ගමුව සහ හෙට්ටිපොළ කොට්ඨාශ තුළ වෙසෙන ගොවි මහතුන් සිය දෙනකු තෝරාගෙන එක් ගොවි මහතකුගේ බිම් අක්කර කාලක් සඳහා කුරුඳු පැල 900 ක් මේ යටතේ ලබා දෙන්නේ ය. 

වගා කිරීමට නියමිත කුරුඳු පැළ ප්‍රමාණය ලක්ෂයකි. තෝරා ගත් ගොවි පිරිසට සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රෝහණ මහතා විසින් කුරුඳු වගාව පිළිබඳ පුහුණුවක් ද ලබා දුන්හ. ලංකාවේ කුරුඳුවලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, මෙම වගාව මහවැලි ඊ කලාපයේ ප්‍රචලිත කිරීමෙන් ගොවියන්ගේ ආර්ථිකය ද ශක්තිමත් වන බව මහවැලි අධිකාරියේ ඊ කලාපයේ නේවාසික කළමනාකරු එච්. එම්. කේ. ආර්. හේරත් මහතා පවසයි. තවද කුරුදු වගාවට වල් අලින්ගෙන් හානි නොවන නිසා එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම ද මෙමගින් අවම කර ගත හැකි බව වැඩිදුරටත් ඔහු පවසා සිටියා.
