විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කලාපය බාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් වව්නියාව කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ආර්.ටී.ඒ. අමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.29 වන දින වව්නියාව පොලිස් වසමේ වව්නියාව කුරුමාන්කාඩු හංදියේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙි යෙදුන අත්අඩංගුවට පත් වන අවස්ථාවේ අයිස් මිලි ග්‍රෑම් 920 ක් සන්තකයේ තබාගෙන සිටි වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
 
            