ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංග

වසර 11 කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ රාජ්‍ය නායකයා ලෙස වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් ඉතිහාසයට එක්වෙයි

පාර්ලිමේන්තුවේ දී මහත් හරසර!!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය විසින් පිළිගනු ලැබිණි.

අනතුරුව ජනාධිපති ටෝ ලාම් මහතා අමුත්තන්ගේ සමරු සටහන් පොතේ අත්සන් තැබූවේ ය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සමඟ සුහද කතාබහක නිරත විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීම පිළිබඳව අදහස් දක්වමින් විශේෂ ස්තූතිය පිරිනමනු ලැබූහ.