ආරක්ෂකඋණුසුම් පුවත්

වාරියපොළට ගුවන්යානයක් කඩා වැටේ

නියමුවන් දෙන්නා නිරූපද්‍රිත ය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  පුහුණු ජෙට් යානයක් අද උදේ  වාරියපොළ, මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටී ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ  K-8 පුහුණු ජෙට් යානයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි. K8 පුහුණු යානාව රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහී ගොස් පසුව වාරියපොළට කඩා වැටී ගිනිබත් විය .

එහි හුන් නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් ආරක්ෂිතව ගොඩබැස ඇත.