රාජ්‍ය සේවාවට කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් බව පෙන්නපු වැඩ සටහනක් - අලුත්වැව නව සොරොව්ව වැඩ නිමහම් කිරීම
“ වාරි මහිම අපේ උරුමය කියලා වැඩසටහනක් ආරම්භ කරලා පළමුවෙන්ම පටන් ගත්ත වැඩේ තමයි මේක. මම අමාත්‍යවරයෙක් වෙලා වාරි කර්මාන්තයේ මුලින්ම මුල් ගල තිබ්බ වැව තමයි මේ වැව. මාස 5 ක් වැනි කෙටි කාලයකින් වැව සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරලා විවෘත කිරීම අප කාගේත් සතුටට හේතුවක්.
අපේ රටේ රාජ්‍ය සේවය වැඩ කරන්නේ නැහැ කියලා මතයක් තිබුණා. නමුත් රාජ්‍ය සේවය කාර්යක්ෂමව වැඩ කරන බවට ඔප්පු කිරීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කරලා තියෙනවා. ඒ වගේම රජයේ කර්මාන්ත ශාලාවත් මේ කටයුත්තට මැදිහත් වෙලා සහයෝගය ලබා දුන්නා.
අලුත්දිවුල් වැව පිහිටා තිබෙන්නේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය. මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 248 කි. අලුත්දිවුල් වැව පිළිසකර කිරීමෙන් අක්කර 2327ක් වගා කළ හැකි අතර, ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1135 කි.
වැව්, ඇළවේලි කොයිතරම් හැදුවත් අවසානයේදී ගොවියාගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නැත්නම් ගොවියෝ වගාවෙන් ක්‍රමානුකූලව ඉවත් වෙලා යනවා. ඒ නිසා මේ ආණ්ඩුව ඇවිල්ලා කරපු ප්‍රධානම වැඩක් තමයි, ගොවියාගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් දෙන්න ඕනමයි කියලා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්ත එක. ඒ අනුව අපි ඉස්සෙල්ලම අත තිබ්බේ වී වගාවට. වී කිලෝවකට සාධාරණ මිලක් අපි ලබා දිය යුතුයි. 2024/25 මහ කන්නයෙදි අපේ රටේ වී ගොවියන්ගේ ආර්ථිකය හොඳයි. වී මිලදි ගන්න ක්‍රියාවලිය දුර්වල වෙලා තිබුණා. අපි ඒකටත් විසඳුමක් දුන්නා. වී අලෙවි මණ්ඩලය අලුත්වැඩියා කරලා අරගෙන වී මිලදි ගැනීම ආරම්භ කළා.





