ආනයනය ඉහළට
ශ්‍රී ලංකාවේ පාවිච්චි කළ වාහන වල මිල විශාල වශයෙන් පහතබහිමින් පවත්නා බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි..
මේ අතර ලියාපදිංචි නොකළ සාමාන්‍ය මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 5 – 15 අතර ගණනකින් පහළ ගොස් ඇතැ යි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙඤ්ඤගේ මහතා සඳහන් කළේ ය..
වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වනදා සිට වාහන ආනයනව සීමා ලිහිල් කිරීමෙන් පසු වාහන ආනයනය විශාල ලෙස ඉහළ ගොසීනි.
එහෙත් මේ වන විට ලියාපදිංචි නොකළ වාහනවල ඉල්ලුම පහළ ගොස් ඇති බවත් අලුත් වාහන මිලදී ගැනීමට සිටි පිරිස් එම තීරණය ප්‍රමාද කිරීම එයට ප්‍රධාන හේතුවක් බවත් මෙරෙඤ්ඤගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.
